Tuesday, July 27, 2010

පොළොන්නරුව පෞරාණික නගරය

ශ්‍රි ලංකා‍‍වෙ උතුරු මැද පලාතේ පොළොන්නරැව දිස්ත්‍රික්කය තුල කොළඹින් කි.මි 216 ක් දුරින් මහවැලි මිටියාවතේ තැනිතලා භුමි භාගයක පිහිටි පොළොන්නරුව වු කලි වර්තමාන දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයයි.පොළොන්නරු නගරයේවිශාලත්වය හෙක්ටර්යර් 122 කට ආසන්නය.අනුරාධපුර රාඡධානිය බිද වැටිමෙන් අනතුරුව ශ්‍රි ලංකාවෙ අගනගරය වුයේ පොළොන්නරුවයි.අනුරාධපුරය වනසා දමා සිංහල රඡ පරපුරට තිබු රාඡ්‍යත්වය පවා අහිමි කිරිමට පොළොන්නරු සමයේදි විදේශ ආක්‍රමණිකමයෝ සමත් වුහ.සියවස් පහලොවකට ආසන්න කාලයක් ශ්‍රි ලංකාවෙ අගනුවර වශයෙන් පැවති අනුරාධපුරය හා සසදන විට පොළොන්නරුව අගනුවර වශයෙන් පැවතියෙ ඉතාකෙටි කාල පරිචිඡේදයකි.එය ශතවර්ෂ දෙකකට සිමාවෙයි.එනමුත් අසිරිමත් වන්නේ එය නොව,අනුරාධපුරයේ නෂ්ඨාව ශේෂ සමග පොළොන්නරු නටබුන් සසදන විට විස්මය දෙගුන තෙගුන වෙයි.පොළොන්නරුව යන ග්‍රාම නාමය සම්භාවය ලබා ඇත්තේ "පුලස්ති නගර යන සංස්කෘත නාමයෙන් බවට විස්වාසයක් පවති.පොළොන්නරුව යන්නට කදවුරු නුවර,ජනනාථ මංගලම් පුර,රාජරාජ පුරය,පුලනරි,විජයරාජපුරම්,කාලිංගරාජපුරය යන විවිධ නම් විවිධ මුලාශ්‍ර වල භාවිතා කර ඇත.

ශ්‍රී ලංකාවේ පැරණි අගනුවරක් වන ඵෙතිහාසික පොළොන්නරුව චෝල ආක්‍රමණිකයන් විසින් මුලින්ම අගනුවර කරගන්නා ලදී. 1070 දී පමණ චෝල ආක්‍රමණිකයන් පලවා හැරීමෙන් පසු Iවන විජයබාහු රජ විසින් තම අගනුවර වශයෙන් තෝරා ගන්නා ලදී. මෙම කෙටි කාලීන චෝල යටත් විජිත සමයේදී පොළොන්නරු ප්‍රදේශය ජනනාතමංගලම් ලෙස හැදින්වූ බව සඳහන් වේ. පළමු විජයබාහූ රජුගෙන් පසු රජකමට පත්වන මහා පරාක්‍රමභාහු රජු පොළොන්නරු යුගයෙහි හමුවන සමෘද්ධිමත්ම රාජ්‍ය පාලකයා වශයෙන් සැලකේ. පැරකුම් රජ සමය, පොළොන්නරුව රාජධානියෙහි ස්වර්ණමය යුගය ලෙස හැදින්වෙන අතර එම කාලවකවානුව තුල ආර්ථික හා කෘෂිකාර්මික සමෘද්ධියක් රට තුල ඇති කිරීමට මහා පරාක්‍රමභාහු රජු සමත් විය.

අහසින් වැටෙන එකඳු දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයෙවිය යුතුය යන අධිෂ්ඨානයෙන් කටයුතු කල පරාක්‍රමභාහු රජු රටේ වාරිමාර්ග පද්ධතියේ ඉමහත් දියුණුවක් ඇතිකරමින් රජරට ප්‍රදේශයේ සශ්‍රීකත්වය සඳහා අවශ්‍ය කටයුතු සැලසීය. පැරකුම් රජු විසින් ඉදිකල සුවිසල් පරාක්‍රම සමුද්‍රය වාරිමාර්ග පද්ධතියේ දියුණුව උදෙසා ඔහු කල සේවය මැනවින් නිරූපණය කරන්නකි. මෙම යුගයේදී රට සාමකාමි හා ස්වයංපෝෂිත බවින් යුක්ත වූ අතර සහල් පවා මෙරටින් පිටරට යැවූ බව පොතපතෙහි සඳහන් වේ.

පැරකුම් රජුගෙන් පසුව පොළොන්නරුව රාජධානියෙහි රජකමට පත්වන නිශ්ශංකමල්ල රජු රාජ්‍ය පාලනයෙහිලා යම් සාර්ථකත්වයක් අත්කර ගන්නා නමුදු අනෙකුත් පාලකයන් හට එතරම් යහපත් රාජ්‍ය පාලනයක් දියත් කිරීමට නොහැකි වේ. මේ සදහා බලපාන ප්‍රධානතම කරුණ වන්නේ සිහසුන අත්පත් කර ගැනීමට එකිනෙකා අතර ඇතිවන ආරවුල්ය. මෙවන් තත්වයක් යටතේ 1214 දී පමණ කාලිංග මාඝ ආක්‍රමණය සිදුවන අතර පොළොන්නරුව රාජධානිය මුලුමනින්ම බිඳ වැටිමට මෙම ආක්‍රමණය හේතු වේ. ඉන් අනතුරුව ලංකාවේ රාජධානිය බවට පත්වන්නේ දඹදෙණිය රාජධානියයි.

පොළොන්නරුව පිහිටිමේ වැදගත්කම


අනුරාධපුරය අගනුවර කරගත් පාලකයන්ට උපකාරක නගරයක්,යුද්ධමය වශයෙන් ආරක්ෂිත කලාපයක් සහ සේනා සංවිධානය කොට කදවුරු පිහිටුවිමට සුදුසු පෙදෙසක් ලෙස

  • අනුරාධපුරය හා රෝහන දේශය අතර ගමනාගමනය සිදුවු සංදිස්ථානයක් ලෙස
  • ආරක්ෂිත මෙන්ම ස්වයං පෝෂිත වු බලකොටු පෙදෙසක් ලෙස

විදහා දැක්විය හැකිය.

  • ඇතුල් නුවර
  • පිට නුවර
  • පි‍ට නුවරින් පිට පෙදෙස් (උප නගර,ජනාවාස,‍ගොවිබිම්)

පොළොන්නරැව රාජධානියහි ඓතිහාසික සිද්ධස්ථාන

පොළොන්නරුව වු කලි සැබවින්ම වැදගත්වුත්,අමරණියවුත් ප්‍රදේශයකි.පුලතිස් පුරවරය ගැන කථාකරන වි‍ට අප මතකයට නැගෙන ස්ථාන රාශියකි.
ප්‍රධාන වශයෙන් දැක්විය හැකිය.

පොත්ගුල් වෙහෙර



පොත්ගුල් වෙහෙර පරාක්‍ර්‍රමබාහු රජු ව්සින් ඉදි කොට ඇති අතර මහල් හතරකින් යුක්තය. මෙම වෙහෙර හමු වන්නේ පරාක්‍රම සමුද්‍රයෙහි වැව් බැම්ම ඔස්සේ කලහගල දෙසට මද දුරක් ගමන් කළ විටය. මෙම ස්ථානය දහම් පොත්පත් තැන්පත් කළ ස්ථානයක් ලෙසත් සමහරුන් මත පල කරති.

රංකොත් වෙහෙර



ආළාහන පිරිවෙණ නම් වු කොටසෙහි හමුවන විශාලම දා ගැබයි. නිශ්ශංකමල්ල රජුගේ නිර්මාණයක් ලෙස මෙය ප්‍රසිද්ධය. නිශ්ශංකමල්ල රජු මෙයට තැබු නම රුවන්වැලි සෑයයි. හතර දිසාවෙන් වාහල්කඩ සතරක් හා ඒ අතර පිළිම ගෙවල් ඉදිකොට ඇති අයුරු මෙහි දක්නට ඇත. මෙම දාගැබ අඩ් 180ක් පමණ උස් වන අතර අඩ් 550ක් පමණ වටප්‍රමාණයකින් යුක්ත වේ.

ගල්පොත ලිපිය

නිශ්ශංකමල්ල රජු විසින් කරවන ලද මෙම සෙල්ලිපිය හැටදා ගෙයට දකුණු දිසාවෙන් පිහිටා ඇත. මෙය පොතක් මෙන් පිටු වෙන් කර ඇති ආකාරය දක්නට පිළිවන. සෙල්ලිපියෙහි ඉදිරිපස හංස පේළියකින්ද ඇත් රූ දෙකකින් ආවරණය කරගත් ලක්ෂ්මී දෙවඟන පෙන්වා ඇත්තේ වාසනාවේ සංකේතය ලෙසිනි. නිශ්ශංකමල්ල රජු විසින් ඉදි කරවන ලද සියළු රාජ්‍යමය කාර්යයන් මෙහි සඳහන් වේ. මෙම ගල සෑගිරියෙහි සිට මෙහි ගෙනා බව සඳහන් වේ. ලංකාවේ හමුවන විශාලම සෙල්ලිපිය වන මෙය දිගින් අඩි 27 අඟල් 10 ක්ද පළලින් අඩි 4 අඟල් 6 ක්ද වේ.

මුරගල



මුරගල ලෙස හඳූන්වන්නේ පූජනීය ගොඩනැගිලි දොරටුවල පඩිපෙළ දෙපස කොරවක් ගලෙහි කෙළවර සහ සඳකඩපහණ දෙපස ඇති අංගයයි. අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා වු රාජ සමයන් තුළ විවිධ තේමාවන් ඔස්සේ මුරගල් නිර්මාණය වී ඇත. පොළොන්නරුවෙහි පූජනීය ගොඩනැගිලි දොරටු අසල සහ කෞතුකාගාරයෙහි ඇතුළුව මුරගල් 54ක් පමණ දක්නට ලැඛෙන අතර දැනට ඉතා කලාත්මක නාගරාජ මුරගල පිහිටා අත්තේ වටදාගෙය නම් වූ පූජනීය ගොඩනැගිල්ලෙහි නැගෙනහිර දොරටුව දෙපසය.

සඳකඩපහණ



සඳකඩපහණ පැරණි ගොඩනැගිලි, දොරටු පාමුල, පියගැටපෙළ පාමුල හමුවන අර්ධ වෘත්තාකාර කලාත්මක අංගයකි. සඳකඩපහණ සඳහා බහුලවම යොදාගෙන ඇති සංකේත වනුයේ ඇතා, අශ්වයා, සිංහයා, ගවයා, හංසයා සහ උද්භිද මෝස්තර අතර පද්මය, බිනරමල,හා ලියවැලයි. ළොන්නරුවෙහි පූජනීය ගොඩනැගිලි ආශි්‍රතව සඳකඩපහණ් 42ක් පමණ හමුවී ඇති අතර මේවායෙහි විවිධ වෙනස්කම් දක්නට ලැබේ. පොළොන්නරු යුගයේදී අතැම් සඳකඩ පහන් වලින් ගවයාගේ සංකේතය ඉවත් කොට ඇත්තේ හින්දූ බලපෑම් නිසාය.

පබළු වෙහෙර

දළදා මළුව පසුකර ඉදිරියට ගමන් කරන විට මෙය හමුවේ. පරාක්‍රමබාහු රජුගේ රූපවතී බිසව සිහිවීම පිනිස මෙය කරවන ලද බව සඳහන් වෙි. පබzවලින් දාගැබ සරසා තිඛෙන්නට ඇතැයි සිතිය හැකි නිසාත් පබz විශාල ප්‍රමාණයක් මෙම පෙදෙසින් සොයා ගැනීමට හැකි වූ නිසාත් ඉහත නාමය සෑදෙන්නට ඇත. දාගැඛෙහි කොත වෙනුවට තිබී ඇත්තේ ඡත්‍රයකි.

කොරවක්ගල

පූජනීය හා ඇතැම් පැරණි ගොඩනැගිලි දොරටු පියගැටපෙළ දෙපස කළ බැමි කොරවක්ගල ලෙස හඳූන්වයි. මෙම අංගය මුල් කාලීනව උපයෝගි කරගෙන ඇත්තේ පියගැටපෙළ නැගීම සඳහා වූ අත්වැල ලෙසයි. කොරවක්ගල සඳහා මකර රුවක් යොදා ගැනීම එහි කලාත්මක බව වැඩි කරයි. මෙය එකම ගලකින් නිර්මාණය කර ඇත. පොළොන්නරුවෙහි පැරණි නගරය ආශි්‍රතව විවිධ කලා නිර්මාණයන්ගෙන් යුත් කොරවක්ගල් 47ක් පමණ දැනට සොයාගෙන ඇත.

අටදාගෙය

මෙය පළමු විජයබා රජු විසින් ඉදි කරවන ලද දළදා මැදූරයි. දෙමහල් ගොඩනැගිල්ලක් වූ මෙහි ඉහළ මාලයෙහි දන්ත ධාතූන් වහන්සේත් පාත්‍ර ධාතූන් වහන්සේත් තැන්පත් කොට ඇත. මෙම මාලිගාව දිගින් අඩ් 70ක් සහ පළලින් අඩ් 45ක් වේ.

නිශ්ශංක ලතා මණ්ඩපය

දිගින් අඩ් 34 අගල් 8ක් ද පළලින් අඩ් 28 අගල් 8ක් ද වූ මෙම මන්දිරය නිශ්ශංකමල්ල රජු විසින් කරවන ලද්දේ දළදා ප්‍රදර්ශනය සඳහා යැයි කියැවේ. ගලින් කළ මණ්ඩපය මැද කුඩා දාගැබකි. මෙහි පිවිසෙන දොරටුව පියස්සකින් යුක්තය.

කුමාර පොකුණ



පරාක්‍රමබාහු රජුගේ නන්දන උයන නම් වූ මෙම පොකුණ ඇතුළු නුවර නැගෙනහිර ප්‍රාකාරයට පිටතින් පරාක්‍රම සමුද්‍රයෙන් ජලය ලබා ගත හැකි පහසු ස්ථානයක පිහිටා ඇත. සම හතරැස් හැඩයෙන් යුක්ත මෙම පොකුණ මධ්‍යයෙහි වෘත්තාකාර පද්මයකි.

පරාක්‍රම සමුද්‍රය

ලංකාවේ පැරණි වාරිකර්මාන්ත අතර පරාක්‍රමබාහු රජු විසින් ඉදි කරවන ලද පරාක්‍රම සමුද්‍රයට හිමි වන්නේ වැදගත් ස්ථානයකි. කුඩා වැව් පහක් එක් කොට මේ වැව නිමවා ඇත. මෙහි වර්තමාන වැව් බැමිම දිගින් සැතපුමි අට හමාරක් වන අතර වැව් කණ්ඩ්යෙහි උස අඩ් 40කි. අක්කර අඩ් 80000 ජලය රදා පවතින මෙම ජලාශයට යට වී ඇති බිම් ප්‍රමාණය අක්කර 5350කි.

ලංකාතිලක පිළිමගෙය



පරාක්‍රමබාහු රජු විසින් කරවන ලද මෙම විහාරය ලක්බිමෙහි තිලකයක් බඳූ වූ හෙයින් ලංකාතිලක වූ බව සඳහන් වේ. පොළොන්නරුවෙහි ඇති විශාලම ගොඩනැගිල්ල මෙය බව කියැවේ. මෙහි බිත්ති අඩ් 55ක් පමණ උසකින් යුක්තය. නොයෙක් රූපයන්ගෙන් බිත්ති අලංකාර කොට තිබි ඇත. ඇතුzවන දොරටුව කොරවක් ගලින් හා මුරගල් වලින් සමන්විතය. මෙම විහාරය දිගින් අඩ් 124ක් පමණ ද පළලින් අඩ් 66ක් පමණද වේ.

සත්මහල් ප්‍රාසාදය

ගඩොලින් ඉදි කොට ඇති මෙම දූර්ලභගණයේ ස්මාරකය සත්මහල් ප්‍රාසාදය නම් වේ. මෙය ක්‍රමයෙන් ඉහලට යනවිට කුඩා වන සේ නිමවා ඇත. ඉහලට නැගීම සඳහා කළ පියගැට පෙළකි. සතර දිසාවෙහි ආරුක්කු සහිත වූ දොරටු සතරකි. මෙහි එක පැත්තක දිග අඩ් 35ක් පමණ වේ. තිවංක පිළිමගෙය

විහාරයෙහි ඇති බුද්ධ ප්‍රතිමා ස්ථාන තුනකින් නැමි ඇති නිසා මෙම නාමය යෙදී ඇත.මෙහි බිත්ති සහ වහලය ගඩොලින්ම සාදා තිබු බව පෙනේ. විහාරයෙහි ඇතුළත බිත්ති සම්පූර්ණයෙන් ච්ත්‍ර ඇඳ ඇත. පිටත බිත්ති දේව විමන් වලින් සරසා ඇත.

කිරි වෙහෙර

ලංකාතිලක විහාරයට යාබදව ඇති කිරිවෙහෙර පරාක්‍රමබාහු රජුගේ සුබද්‍රා නම් බිසව සිහිවීම පිණිස සාදවන ලද බව සඳහන් වෙි. සතර දිසානුගතව කුඩා වාහල්කඩ හතරක් ද ඒ අතර කුඩා පිළිම ගෙවල් ද දාගැබ වටා දක්නට ලැබේ. මෙම දාගැබ උසින් අඩ් 80ක් පමණ ද විශ්කම්භය අඩ් 88ක් පමණ ද වේ.

ථූපාරාමය

මෙම පිළිම ගෙය ඉදිකරවන ලද්දේ 1වන විජයබාහු රජු විසින් යැයි මතයක් පවතී. දළදා මzවෙහි වම් කෙළවරේ මෙම විහාරය පිහිටා ඇත.මෙහි වහලය නිම කොට ඇත්තේ ගඩොලින්මය. විහාරය ඇතුලත හුණුගලින් නිමකළ බුද්ධ ප්‍රතිමා 8ක් දක්නට ඇත. මෙම විහාරයෙහි දිග අඩ් 84 අඟල් 6ක්ද පළල අඩ් 56 අඟල් 2ක්ද වේ.

හැටදාගෙය



මෙය නිශ්ශංකමල්ල රජු විසින් ඉදිකරවන ලද මහල් දෙකකින් යුත් දළදා මැදූරයි. පැය හැටකින් සෑදූ හෙයින් හැටදාගෙය වී යැයි කියති. ගොඩනැගිල්ල මෙන්ම වටා ඇති ප්‍රාකාරයද ගලින්ම නිම කොට ඇත. ඉහත මාලය නිම කිරීමේ දී දැව භාවිතා කරන්නට ඇතැයි සිතිය හැකැ. මෙහි පිවිසෙන පියගැට පෙළ අසළ පුන් කලස් තැබීම මෙහි ඇති විශේෂත්වයයි. මෙය දිගින් අඩ් 120ක් ද පළලින් අඩ් 90ක් ද වේ.




පොළොන්නරු යූගයේ විසු රජවරු


Monday, July 26, 2010

දළදා වහන්සේ

http://sundaytimes.lk/070701/images/hemamala_danta.jpg4 වෙනි සියවසේදි දන්ත ධාතුව ලංකාවට වැඩම කළ තැන් සිට අනුරාධපුර රාජධානිය පොළොන්නරුවට ගෙන ගිය 10 වෙනි ශත වර්ෂය දක්වා අතර තුර කාලය දක්වා මහාවංශයෙහි දළදාව ගැන සඳහන් වන්නේ අවස්ථා කීපයකදී පමණි. එසේ වුවද චීන සංචාරක භික්ෂුවක් වූ ෆා - හ්සියැන්, දන්ත ධාතූන් වහන්සේට කළ වැඳුම් පිදුම් සහ ඒ සම්බන්ධ චාරිත්‍ර වාරිත්‍ර ගැන බොහෝ විස්තර සඳහන් කර ඇත. එකී භික්ෂුව 5 වැනි සියවසේදී අභයගිරි ආරාමයේ වැඩ වාසය කර ඇත. මෙම භික්ෂුවගේ විස්තරයන්ට අනුව කීර්ති ශ්‍රී මේඝවන්න රජු විසින් 4 වැනි සියවසේදී ආරම්භ කරන ලද පෙරහැර අති ශ්‍රී විභූතියෙන් යුතුව නොකඩවා පවත්වාගෙන එන ලදී. දන්ත ධාතුන් වහන්සේ දළදා මන්දිරයේ සිට අභයගිරි විහාරය දක්වා පෙරහැරකින් වඩමවා අලංකාර ලෙස චාරිත්‍ර විධි පුද පූජා සහිතව මාස තුනක් ප්‍රදර්ශනය කරන ලදි. මහාවංශයේ තිබෙන ස්වල්පයක් වූ තොරතුරුද දන්ත ධාතු සාහිත්‍යයේ එන විස්තරද පාදක කර ගෙන බැලු විට රජවරු විසින් දන්ත ධාතුව මනා ලෙස සුරකින ලද බව සහ දන්ත ධාතුව රාජ්‍ය ආරක්ෂකයා වූ බවත් පැහැදිලි වේ. ඇතැම් රජවරු තම නමේ මුලට “දාඨා” (දත) යන්න එක් කිරීමට තරම් උනන්දුවක් දැක්වූහ. උදාහරණ වශයෙන් දාඨොපතිස්ස, දාඨාප්පභූති, දළ මුගලන් ආදි නම් දැක්වීය හැක. මෙයින් පෙනී යන්නේ එම රජවරු දළදා වහන්ෙස් සමග තිබුණු සමීප සම්බන්ධතාවයයි.

දකුණු ඉන්දියාවෙන් පැමිණි චෝල ආක්‍රමණ සහ ර‍ට අභ්‍යන්තරයේ තිබුණු භේදකාරි තත්වයන් නිසා දන්තධාතුවේ ආරක්ෂාවට විටින් විට තර්ජන එල්ල විය. එසේ වුවත් ‍ෙඑතිහාසික වාර්තා වලට අනුව අනුරාධපුර රාජධානියේ 11 වැනි සියවසේදී 1 වැනි විජයබාහු රජු විසින් පොළොන්නරුවට ගෙන යන තෙක් දන්තධාතුවේ ආරක්ෂාව සෑම විටම අනුරාධපුර රජවරුන් මගින් සිදු විය.

පුරාණ පොළොන්නරුව නගරයේ පූජනීය චතුරස්‍රයේ (දළදා මලුව) තිබෙන අටදාගෙයි දැනට ඉතිරිව තිබෙන නටබුන් විජයබාහු රජු විසින් තනවන ලද දළදා විහාරයට සමාන වෙයි. මෙම මන්දිරය පසෙක තිබෙන වේලෙයික්කාර සෙල්ලිපියෙහි දළදාවේ ඉතිහාසය ගැන බොහෝ විස්තර සඳහන් වේ. දළදාව සහ පාත්‍ර ධාතුව අභයගිරි විහාරයේ උත්තර මූල - ආයතන ආශ්‍රමයේ සිට ගෙනවුත් අටදාගෙයි විහාරයේ තැන්පත් කරන ලද බව පෙනී යයි. වේලයික්කාර සෙල්ලිපියට අනුව මෙම මන්දිරය රජු යටතේ සේවය කළ වෙලෙයික්කාරන් කුලී හමුදාවකට පවරා තිබුනේය.

නේත්‍ර මංගල්‍යය නමැති පූජා විධි පැවැත්වීම සම්බන්ධයෙන් අටදාගේ බොහෝ ප්‍රසිද්ධ වී තිබුනි. සෙල්ලිපියේ සඳහන් විස්තර වලට අනුව පහත මාලයේ පූජා කාමරය තුළ තිබෙන බුදු පිලිමයෙහි අක්ෂි ගෝල වාර්ෂිකව සුවඳ පැනින් නහවනු ලැ‍බේ. මෙම අටදාගෙයි ගෘහ නිර්මාණ සැලැස්මද සුවිශේෂි එකකි. මෙම දෙමහල් මන්දිරයේ සැළසුම දැනට මහනුවර ශ්‍රී දළදා මාළිගා‍ව දක්වා පසු කාලය තුළ ඉදිවුනු දළදා මන්දිර සඳහා ආදර්ශයට ගෙන ඇති බව පෙනී යයි.

ශාසන වංශයට අනුව පළමුවැනි විජයබාහු රජතුමා සමකාලිනයෙකු වූ බුරුමයේ අනුරුද්ධ රජු සමග මිතුරු සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත. එය කෙතරම් දැයි කිවහොත් ශ්‍රී ලංකාවේ රජුගෙන් දන්ත ධාතුව ඉල්ලා එවීමට තරම් බුරුමයේ රජුගේ මිත්‍රත්වය දැඩි එකක් වී ඇත. එහෙත් ඤාණවන්ත රජු බුරුම රජුගේ වුවමනාව සංසිඳවූයේ දළදාවෙහි අනුරුවක් එම රජු වෙත යැවීමෙනි. මෙයට බුරුම ජනතාව විසින් මහත් භක්තියෙන් ගෞරවාදර දක්වා තිබේ.

විජයබාහු රජුගේ මරණයෙන් පසුව එළඹි කාලය දේශපාලන ක්ෂේත්‍රයේ ඛේදජනක යුගයක් විය. රට වෙනස් වෙනස් පාලකයින්ගේ පාලනයට නතුවූ අතර ඔව්හු දුර්වල පාලකයෝ වූහ. මෙහි ප්‍රථිපලයක් ලෙස බොහෝ බෞද්ධ පූජනීය ස්ථාන විනාශයට පත් විය. මෙවැනි තත්වයක් තුළ දළදාවට හා පාත්‍ර ධාතුවට අනතුරක් වේ යැයි කල්පනා කළ භික්ෂූණ් වහන්සේලා එම ධාතුන් වහන්සේලා රහසින් ඉවත් කර ගෙන වඩාත් ආරක්ෂා ස්ථානයක් වූ දකුණු ප්‍රදේශයේ රෝහණ දේශයට ගෙන ගියහ. ක්‍රි.ව.1153 දී පළමු වැනි පරාක්‍රමබාහු රාජ ප්‍රාප්තියත් සමග ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වය නැවත වරක් ස්ථාවර විය. මහා පරිමාණ වාරි කර්මාන්ත නැවත ප්‍රතිසංස්කරණය කරමින් කාලය අපතේ නොහැර එම රජතුමා ආගමික පුනර්ජීවනය සඳහාද කැප වූයේය. පොළොන්නරුවේ දැනට ඉතිරිව තිබෙන ආගමික ගොඩනැගිලි ඔහු බෞද්ධාගම සම්බන්ධයෙන් කළ අමිල, අපරිමිත මෙහෙය සිහි කරන ස්මාරක වශයෙන් නටබුන් තත්වයේ පවතී.

පළමුවැනි පරාක්‍රමබාහු රජතුමා දන්ත ධාතුවෙහි සහ පාත්‍රා ධාතුවේ භාරකාරත්වය තහවුරු කරමින් එකි පූජනීය වස්තුවල ආරක්ෂාව පිණිස නගර මධ්‍යයෙහි නව මන්දිරයක් කරවූයේය. ජේතවන ආශ්‍රමයේ කවාකාර සිද්ධස්ථානයක් තුළ දන්ත ධාතුව ප්‍රදර්ශනය කරවූ පුද්ගලයා මෙම රජතුමා යයි කියනු ලැබේ. මෙම මන්දිරය පුරාණ නගරයේ උතුරු අන්තයේ තිවංක පිළිම ගෙයට ආසන්නයේ තිබෙන නටබුන් වූ මන්දිරය විය හැක.

දන්ත ධාතුන් වහන්සේට සහ පාත්‍රා ධාතුවට විශ්මයජනක මන්දිරයක් ඉදි කළ තවත් රජකෙනෙකු වූයේ නිශ්ශංකමල්ල රජුය (1187 – 1196). ඔහුගේ ශිලා ලේඛණ අනුව මෙම ධාතුන් වහන්සේලා සඳහා ඔහු හැටදාගෙයි නමින් ධාතු මන්දිරයක් තනවා තමන්ගේ දියණිය සහ පුත්‍රයා එම මන්දිරයට පූජා කොට මන්දිරය තනවා අවසානයේ එම භාරයෙන් නිදහස් කර ගත්තේය. මෙම මන්දිරය අටදාගෙයි සමීපයේ පිහිටා තිබෙන අතර අටදාගෙයිහි විශාල අනුරුවක් ලෙස පෙනෙන්නේය.

13 වැනි සියවසේද දෙවැනි කාර්තුව ආරම්භයේදී පොළෙ‍ාන්නරුවේ කීර්තිය පිරිහුනේය. කාලිංග මාඝගේ ආක්‍රමණය සමග රාජධානිය තෙත් කලාපයේ ගිණිකොන දෙසට ගෙන යන ලදී. ඒ අනුව දඹදෙනි යුගය ආරම්භ විය. මෙම යුගය ශාස්ත්‍රීය හා සාහිත්‍ය කටයුතු අතින් ප්‍රබෝධමත් වූ කාලයක් විය.

මෙම කාලයේදී දන්ත ධාතුව හා පාත්‍රධාතුව නැවත වරක් ආරක්ෂාව පිණිස බෞද්ධ භික්ෂුණ් වහන්සේලා විසින් මධ්‍ය කඳුකරයේ කොත්මලයට ගෙන යන ලදී. පසුව තුන් වැනි විජයබාහු රජතුමා මෙම ධාතුන් වහන්සේලා දෙනම ආපසු ගෙන්වා ගෙන බෙලිගල කඳු මුදුනේ මනරම් මන්දිරයක් කරවා එහි තැන්පත් කරන ලදැයි වාර්තා වේ. මෙම රජතුමා ධාතුන් වහන්සේලා සම්බන්ධයෙන් පුද පූජා චාරිත්‍ර වාරිත්‍ර විධි නැවත ආරම්භ කළේය. ධාතුන් වහන්සේලාගේ භාරකාරත්වය තම පුත්‍රයා වූ පසුව දෙවැනි පරාක්‍රමබාහු ලෙසින් (1236 – 1270) රජු බවට පත් වූ තම වැඩි මහල් පුතාට පැවරුවේය. ඔහු බහුශ්‍රැත පඬිවරයෙකු විය. කව්සිළුමිණ වැනි ශාස්ත්‍රීය සාහිත්‍ය කෘති රචනා කළ පුද්ග‍ලයෙකු වශයෙන් ප්‍රසිද්ධය.

මෙම දෙවැනි පරාක්‍රමබාහු රජතුමා ධාතුන් වහන්සේලා බෙලිගලෙන් නැවත ගෙන්වා ගෙන දඹදෙනිය පර්වතය අසල රජ මාළිගාව කිට්ටුවෙන් මන්දිරයක් සාදා එම ධාතු තැන්පත් කළේය. දළදා පූජාවලිය ග්‍රන්ථයට අනුව රජතුමා ධාතුන් වහන්සේලා ශ්‍රී වර්ධනපුර නම් ඔහුගේ උපන් නගරයට ගෙන ගියේය. එහිදී අති උත්කර්ෂවත් ලෙස පුද පූජා පවත්වන ලදී. ඔහු දඹදෙනියේ විජයසුන්දරාරාමයෙහි දළදා මන්දිරයක් තැනුවේය. එහි දළදාව තැන් පත් කර උත්සවාකාරයෙන් පුද පූජා පැවැත්වූයේය.

පරාක්‍රමබාහු රජතුමා යටතේ වූ සමෘද්ධිමත් සහ සාමකාමි යුගය ජාවා රටෙන් පැමිණි ආක්‍රමණිකයෙකුවූ චන්ද්‍රභානු නිසා අවුල් සහගත තත්වයට පත් විය. කෙසේ නමුත් රජතුමා මෙම ආක්‍රමණිකයා පලවා හැර රට නැවත ස්ථාවර තත්වයට ගෙන ඒමට සමත් විය. එක්තරා නියං සමයකදී දළදා වහන්සේ දළදා මන්දිරයෙන් ඉවතට ගෙන පෙරහැරක් පැවැත්වූ බවට වාර්තා වේ. ඔහු දන්ත ධාතුව තම සිහසුනේ වඩා හිඳුවා දින හතක් මුළුල්ලේ එයට පුද පූජා පවත්වමින් සිට තම රාජ්‍යය දළදා වහන්සේට පූජා කළේය. එයින් පසු නියඟය අවසාන විය. දළදා වහන්සේට ලැබෙන ගෞරවය රාජ්‍ය උරුමයේ සංකේතයක් බව මෙම සිදු වීමෙන් පෙනී යයි.

දෙවැනි පරාක්‍රමබාහු රජතුමා ජීවත්ව සිටියදී පවා ඔහුගේ පුත් විජයබාහු යුව රජු වශයෙන් දළදා මන්දිරය නවීකරණය කර විශාල කළේය. එමෙන්ම පුද පිළිවෙත් ක්‍රමයක් පවත්වා ගෙන ගියේය. වංශ කථා වල සඳහන් වන අන්දමට ඔහු පොළොන්නරුවේ නටබුන්ව තිබූ ආගමික ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කළේය. මෙයට දළදා මැදුරද ඇතුළත් විය. එසේ දළදා මැදුර ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු දළදාව එහි තැන්පත් කර අභිෂේක උත්සවයක් පැවැත්වූයේය.

මෙම කාලයේදී යාපහුව (පුරාණ සුභ - පබ්බත) ප්‍රසිද්ධ ස්ථානයක් බවට පත් වූයේ ඔහුගේ සහෝදරයා වූ බුවනෙකබාහු එම පළාතේ උප පාලකයා ලෙස පත් කිරීමත් සමගය. මෙම ස්ථානය සීගිරිය බලකොටුවට සම‍ාන ස්ථානයක් වූ බැවින් දළදා වහන්සේට ආරක්ෂා සහිත තැනක් ලෙස හඳුනා ගන්නා ලදී. ජාවා රටෙන් පැමිණි චන්ද්‍රබානු මේ අතරේ දෙවැනි වතාවටත් රට ආක්‍රමණය කළේය. ඔහු යාපහුවේ යුව රජු පරාජය කරමින් දඹදෙනියේ රජු වූ විජයබාහුගෙන් දන්ත ධාතුව ඉල්ලා සිටියේය. එහෙත් ශ්‍රී ලංකාවේ රජු චන්ද්‍රබානු පරාජය කොට නැවත ශ්‍රී ලංකාවේ සාමය උදා කළේය.

බුවනෙකබාහු දන්ත ධාතුව වෙනුවෙන් යාපහුවේ මන්දිරයක් තැනුවේය. එයට පිවිසීමට තනවා ඇති ගාම්භීර වූ පියගැට පෙළෙහි නටබුන් 14 වෙනි සියවසේ ශ්‍රී ලංකාවේ කලා ශිල්ප වල විශිෂ්ඨත්වය විදහා දක්වමින් අද ද දක්නට ලැබේ. වංශකථා වල සඳහන් වන ආකාරයට ඔහු දළදාව වෙත දිනපතා ගොස් වැඳුම් පිදුම් කිරීමේ සම්ප්‍රදායයක් පවත්වා ගෙන ගොස් ඇත.

ඔහුගේ පාලන කාලය අවසන් වීමත් සමග වාගේ ශ්‍රී ලංකාව නැවතත් දරුණු නියඟයකට මුහුණ පෑවේය. ඒ අතරම ආර්යචක්‍රවර්තී නම් රණ කාමියෙකු යටතේ දකුණු ඉන්දියාවේ පාන්ඩ්‍ය දේශයෙන් එල්ල වූ ආක්‍රමණයට ද ගොදුරු විය. ඔහු රට විනාශ කොට දන්ත ධාතුව සහ පාත්‍ර ධාතුව ද සමගින් ධනයද කොල්ලකා පාත්‍ර ධාතුව හා දන්ත ධාතුව පාණ්ඩ්‍ය රජු වූ කුලසේකරට භාර දුන්නේය. ඊළඟට රජ පැමිණි තුන් වැනි පරාක්‍රමබාහු රජු පාන්ඩ්‍ය දේශයේ අගනුවරට ගොස් එහි රජු සමග සුහදව සාකච්ඡා කොට ධාතුන් වහන්සේලා ආපසු ලංකාවට රැගෙන අවුත් නැවතත් පුද පූජා පැවැත්වීමේ කටයුතු ආරම්භ කළේය. සඳහන් කළ යුතු සිත් ගන්නා කාරණයක් නම් මෙතරම් කල් ගත වුණු පසුව වුවද පොළොන්නරුවේ දළදා මන්දිරය හොඳින් පැවැතීමයි. රජු ඉන්දියාවේ සිට ධාතුන් වහන්සේලා ලංකාවට වැඩම කර එම ධාතුන් වහන්සේලා පැරණි නගරය වූ පොළොන්නරුවේ පිහිටි ඉහත සඳහන් දළදා මන්දිරයේ තැන්පත් කළේය. ඒ වන විට එය අතහැර දමා තිබුනේය. මාර්කො පෝලෝ නම් සුප්‍රසිද්ධ සංචාරකයාගේ සටහන් වලට අනුව චීන අධිරාජ්‍යයෙකු වූ කුබ්ලයි ඛාන් ද දන්ත ධාතුව පාත්‍ර සහ කේශධාතු ඉල්ලා රජු වෙත දූතයෙකු එවා ඇත. කෙසේ නමුත් රජතුමා සැබැ දන්ත ධාතුව වෙනුවට ව්‍යාජ දත් දෙකක් යවා කුබ්ලයි ඛාන් සෑහීමට පත් කළේය. කුබ්ලයි ඛාන් අධිරජයා ඒවා මහත් හරසරින් පිළිගෙන පුද පූජා වන්දනා මාන කිරීමට කටයුතු යෙදුවේය.

දෙවැනි බුවනෙකබාහු (1293 – 1313) පොළොන්නරුවේ සිට දන්ත ධාතුව ඔහුගේ අගනුවර වූ කුරුණෑගලට වැඩම කරවා එහි තනන ලද මන්දිරයක තැන්පත් කළ බවත් වාර්තා වී ඇත.

ඊළඟට රජ වූයේ සිව්වැනි පරාක්‍රමබාහු රජතුමාය. එතුමාගේ කාලයේ ආගමික පුනර්ජීවනයක් ඇති විය. දළදා සිරිත නම් ග්‍රන්ථයෙහි සඳහන් වන ආකාරයට දළදාව සම්බන්ධ පූජා විධි එක්තරා ක්‍රමානුකූල පිළිවෙලකට නැවත සංවිධානය කළේය. තවත් වැදගත් කරුණක් වූයේ පුද පූජා වල පාලනය සහ ආරක්ෂාව පිළිබඳ වගකීම උත්තරමූල ආශ්‍රමයේ නායක හිමියන් වෙත පැවරීමයි. මෙම උත්තරමූල නම් ආයතනය අනුරාධපුර අභයගිරි විහාරයෙන් බිහිවුවකි.

දළදා වහන්සේට අදාළ කථා ප්‍රවෘත්ති සමග සම්බන්ධවන තවත් රජකෙනෙකු නම් සිව්වැනි බුවනෙකබාහු රජතුම‍ාය. ඔහු මධ්‍යම කඳුකරයේ ගම්පොල නම් නගරය අභිනව අගනුවර ලෙස තෝරා ගත්තේය. එතෙකුදු වුවත් දළදා වහන්සේ මෙම අගනුවරට ගෙනයාම පිළිබඳ කිසිදු සඳහනක් දැක ගැනීමට නැත. සමහර විට තුන් වැනි විජයබාහු රජු දන්ත ධාතුව මෙම කඳුකර අගනගරයට ගෙන ගොස් එයට ගරු කිරීම් වස් උත්සව පැවැත්වූවා වන්නට පිළිවන. ගම්පොල, නියංගම්පාය නම් ස්ථානයෙහි දළදා මන්දිරයක් තැනවීම සම්බන්ධයෙන් මෙම රජතුමා ගෞරවයට පාත්‍ර වන අතර මෙම මන්දිරය 14 වැනි සියවසේ ගඩලාදෙනිය විහාරයේ ඉදිකිරීම් ශිල්පයට නෑකම් කියන ස්ථානයකි.

මෙයින් පසුව පස්වැනි බුවනෙකබාහු (1372-1408) රජු තම අග නගරය කොළඹට ආසන්න ජයවර්ධපුරයට ගෙන ගියේය. ඔහු දළදාව තම අග නගරයට ගෙන නොගිය නමුදු දළදා වහන්සේ වෙත බොහෝ පුද පූජා පැවැත්වූ බව වාර්තාවේ. දළදා වහන්සේ ගම්පොල සිට ජයවර්ධනපුරයට රැගෙන ආවේ ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ වීරබාහු රජතුමාය. මෙම පාලන සමයේදි චීනය ලංකාවේ දේශපාලන කටයුතු කෙරෙහි මැදිහත් විය. චීන සෙනෙවියෙකු වූ චෙන් හෝ දිවයින ආක්‍රමණය කර රජු අල්ලා ගත්තේය. ඔහු රජු සහ දන්ත ධාතුව චීනයට රැගෙන ගොස් එවකට චීන අධිරාජය‍ාට ඉදිරිපත් කළේය. කෙසේ වුවද විවාදයට බඳුන් වුවද වඩාත් විශ්වාසයෙන් යුතු විස්තර වලින් කියැවෙන්නේ චීන සෙන්පතියා දන්ත ධාතුව රැගෙන නොගිය බවයි. ඒ වෙනුවට ඔහු දන්ත ධාතුවට නියමිත චාරිත්‍ර පූජා විධි පවත්වා දිවයිනෙන් පිටත් වූ බවයි. මධ්‍යතන යුගයේ විශිෂ්ඨ රජෙකු ලෙස සැළකෙන හයවැනි පරාක්‍රමබාහු වැනි රජවරුන් විසින් පවත් වන ලද පෙරහැරවල්, උත්සව සහ පුද පූජා වල තොරතුරු වාර්තා වලින් ඉහත අදහස තහවුරු වෙයි. මේ රජතුමා දන්ත ධාතුව සඳහා තෙමහල් මන්දිරයක්ද දන්ත ධාතුව බහා තැබීම සඳහා රත්‍රන් කරඬු හතරක් ද තනවා දන්ත ධාතුන් වහන්සේගේ සේවය පිණිස අණ පනත් කිහිපයක්ද පැනෙව්වේය.

දළදා පෙරහැර මංගල්‍යය

ශ්‍රී ලංකාවෙහි පවත්වන්නාවූ උදාර සම්ප්‍රදායික මහෝත්සවයකි, දළදා පෙරහැර මංගල්‍යයය. මෙම මංගල්‍ය්‍ය දළදා මාලිගාව සහ අස්ගිරි / මල්වතු මහා විහාරය මගින් සංවිධානය කෙරේ.
ඇසළ පසළොස්වක පොහොය දිනයෙන් ඇරඹෙන ඇසල මංල්‍යයේ වඩාත්ම ජනප්‍රිය අංගය නිකිණි මස පවත්වන්නාවූ රන්දෝලි පෙරහැරයි. මෙම උළෙල, ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සංඛේතයක් බවට පත් වී ඇත. මෙය නර්තනයන්ගෙන් සහ අගනා ලෙස සරහූ හස්තීන්ගෙන් සමන්විත වූ බෞද්ධ උළෙලකි.මෙහි ගිනි බෝල කරුවන්ගේ නර්තන, කස කරුවන්, උඩරට නර්තන සහ අනෙකුත් විවිධ සංස්කෘතික නර්තනයන් ඇතුලත් වේ.පෙරහැරේ අලි ඇත්තු අධික ලෙස වියදම් කර නිමවූ මනරම් වස්ත්‍රයන්ගෙන් සැරසෙති. මෙම උළලෙහි නිමාව සනිටුහන් වනුයේ නිකිණි පසළොස්වක දිනයේ පවත්වන සම්ප්‍රදායික දිය කැපීමේ මංගල්‍යයයෙනි.

http://www.chinadaily.com.cn/hellochina/images/hellosrilanka2009/attachement/jpg/site1/20090921/001ec95974af0c2161284a.jpg
මහනුවර නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර දේවාලත් දළදා මාළිඟාවත් එක්ව පවත්වන මහා පෙරහැර දළදා පෙරහැර නමින් හඳුන්වයි.


දෙවියන් උදෙසා පැවැත්වු දේව පෙරහැරක් ලෙස පැවති මහනුවර ඇසළ පෙරහැර 18 වැනි සියවසේ මහනුවර රජ කල කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දළදා පෙරහැරත් එක් කරන ලදී.

වර්තමාන දළදා පෙරහැර

දළදා පෙරහැරට අයිති සියලුම කාර්යයන් සිදු කෙරෙන්නේ මාළිඟාවේ නැකත් සෑදීම සදහා නියම කර ඇති නැකත්රාළ පිළියෙළ කර ඇති නැකත්වලට අනුවය.

කාරිය කරවන කෝරාළ

ඔහු පෙරහැර පවත්වන දිනය හා වෙලාවන් ගම් දහයේ විදානෙලාට දැනුම් දී කටයුතු සුදානමි කරයි.පෙරහැර සඳහා පළමුව සතර දේවාලයේ කප් සිටුවයි. දිය කපන දිනයේ උගුල්ලා ගඟට විසි කරන්නේ මෙම කපයි.පාන්දර හතරට පමණ කප සිටුවන අතර අලුත් නුවර සිට කප ගෙන ඒමද සිරිතකි. කප සිටවු පසු පුරා දින පහක් රාත්‍රි 7.00 පමණ ඒ ඒ දේවාල වටා කුඩා පෙරහැරක් කරයි.

කුඹල් පෙරහැර

පස් වන දවස අවසානයේ එළඹෙන්නේ කුඹල් පෙරහැරයි. මෙහිදී කාරිය කරවන රාළ මාළිඟාව තුළ තිබෙන මුරායුධ, පලිහ, සේසත්, රිදී, උඩැක්කි, පන්තේරැ, රීදී අත්පන්දමි, වඩන තල අතු, ආදිය පිරිසිදු කොට ඒවාත් කුඹල් ‍පෙරහැර වීදි සංචාරය කරවයි. මෙම පෙරහැර දේවාල පෙරහැරට වඩා අලංකාර වේ. මෙයට ගම් දහයේ විදානෙලා, බෙරවාදකයින්, සහ නැට්ටුවන්ද සහභාගී වේ. මෙම පෙරහැරට ධාතු කරඩුව වඩම්මන අතර අලි ඇතුන්ද සහභාගී කරවති. පළමු දින පහ තුළ දේවාලය වටා ගමන් ගත් දේවාල පෙරහැර හතර ඊ ළග දිනයේ මාළිඟාවේ පෙරහැරට එක් වී මෙසේ වීදි සංචාරය කිරීම කුඹල් පෙරහැ‍රේ ලක්ෂණයයි.

රන්දෝලි පෙරහැර

පෙරහැරේ ගමන් කරන ඇතුන්

රන්දෝලි පෙරහැර සදහා මාළිඟාවේ ප්‍රධාන දොරටුව අබියසදී කරඩුව ගෙන යන ඇතා සරසනු ලබයි. නිලමේලාද තම තමන්ට නියමිත දේවාලය හා මාළිඟය තුළ සූදානමි වෙයි.

පළමු වෙඩි හඩත් සමග සිව් මහා දේවාල පෙරහැර මාළිඟාව අසළට ගමන් කිරීම අරඹත්ම දළදා මාළිඟායේ හේවිසි මණ්ඩපයට එකතු වන පනික්කයෝ දිය වඩන නිළමේ කැද‍වා ගෙන එන්නට ඔහු සිටින කුටියට ගොස් වැද නමස්කාර කොට ඔහු කැඳවාගෙන ආ යුතු වේ. එවිට තූර්ය නාද පැවැත්වෙන අතර දළදා කරඬුව ඇතු පිට තබනු ලැබේ.

මෙයට හේවිසි මණ්ඩපයේ සිටම පාවඩ එළනු ලැබේ. හදුන්කුඩම ළගදි කත්තියන රාළගෙන් වතුර කෙණ්ඩියක් ගෙන පිරිසිදු වු බව දැනගන්නා දියවඩන නිළ‍මේ නියමිත නැකතට අනුව කරඬුව පාවඩ පිට වඩම්මවනු ලැබේ. ඒ අතර ඔහු දෙපස අත්පන්දම් හා වඩ තලඅතු අල්ලන අය තම තමන්තමන්ගේ රාජකාරී කරමින් ගමන් කරනු දැකිය හැකිය. අවසාන වෙඩි මුරයත් සමග පෙරහැර ගමන් අරඹන අතර ප්‍රධාන දොරටුව ඉදිරියේදී දියවඩන නිළමේට සමන්පිච්ච මල් මාලාවක් පළඳවයි.

පෙරහැරේ ගමන් කරන පුද්ගලයින් හා ඒ ඒ අයගේ කාර්යය සංසිද්ධි.

  • කසකරුවෝ
  • ගිනි බෝල කරුවෝ සහ බෞද්ධ කොඩි ගෙන යන්නෝ
  • කොඩි ගෙන යන්නෝ
  • පෙරමුණේ රාළ (ඇතකු පිට නැගී ලේකම් මිටිය සහිතව)
  • හේවිසි වාදකයෝ (දවුල්, හොරණෑ, තම්මැට්ටම්, තාලම්පට,හක්ගෙඩිය අත ඇතිව )
  • ගජනායක නිළමේ (ඇතකු පිට රිදී කරඩුවක් සහිතව)
  • ඇතුන් කිහිප දෙනෙක්, නැට්ටුවෝ සහ බෙරකරුව
  • කාරිය කෝරාළ
  • නැට්ටු‍වෝ හා ‍බෙරවාදකයෝ
  • කවිකාර මඩුවේ ශිල්පීහු (දළදා ගුණ ගයමින් ගමන් කරති)
  • දළදා කරඩුව රැගත් ඇතා (පාවඩ මතින් යන අතර දෙපස දෑලේ ඇත්තු දෙදෙනෙක් යති.)
  • වෙස් නැටුම් කණ්ඩායමක් හා බෙරවාදකයෝ
  • දියවඩන නිළමේ

දළදා මාළිඟාවේ ‍පෙරහැරට පසුව ගමන් කරන දේවාල පෙරහැර

  • නාථ දේවාලයේ පෙරහැර
  • විෂ්ණු දේවාලයේ පෙරහැර
  • කතරගම දේවාලයේ පෙරහැර
  • පත්තිනි දේවාලයේ පෙරහැර

දළදා මාළිගාව

ශ්‍රී දළදා මාලිගාව යනු බුදුරජාණන් වහන්සේගේ දන්තධාතූන් වහන්සේ තැන්පත් කර ඇති මාලිගාවයි. මෙය ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය ඉදිකර ඇත්තේ එවකට රාජකීය මාලිගා සංකීර්ණය තුලමය. අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම අනුව දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය දරන තැනැත්තා හට රටේ රජකම හිමි විය යුතුය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළහ.

දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, දාඨාධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව ගෙනේ.

දලදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.

මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඔ‌ෟශධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ.

දන්ත ධාතූන් වැඩහිඳිනා භූමිය

Sri Lanka - 029 - Kandy Temple of the Tooth.jpg






මහනුවරට නැගෙනහිරින් උඩවත්ත කැළයත් හන්තාන කඳුවැටිය එක්පසකින් හා බහිරව කන්ඳ තවත් පැත්තකින් වටවු මහනුවර රාජධානිය සෞම්‍ය ේශගුණයකින් යුක්තය.ඕනෑම භෝගයක් වැවිමට තරම් සශ්‍රිකය.අලුත් නුවර,මැදමහනුවර,හඟුරන්කෙත නුවර,නිළ‍‍ඹේ නුවර , සෙංඛඩගල නුවර, හා ගලේ නුවර,දළඳා වහන්සේගේ ආරක්ෂිත ප්‍රදේශ වේ.


දළඳා මාළිගයේ ඉතිහාසය

මුල් අවධියේ මහනුවර හැඳින්වුයේ "ශ්‍රි සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රි වර්ධනපුරය" ලෙසය.දඹදෙනි රාජධානියේ හතරවනපරාක්‍රමබාහු (ක්‍රි.ව 302-1326)රජතුමාගේ බෑනා කෙනෙකු වු සිරිවර්ධන නැමති අය විසින් ක්‍රි.ව 1312 දී එවකට කටුපුල්ලේ නමින් හැඳින්වු ප්‍රදේශය අසල "සෙංකඩගල සිරිවර්ධනපුරය "නමින් නගරයක් ආරම්භකොට ඇත.තවත් ජනප්‍රවාදයක් නම් සෙංඛණ්ඩ නම් බ්‍රාහ්මණයෙකුගේ නමින් මේ නගරය ඉඳිවු බවත්,තුන්වන වික්‍රමබාහු නම් රජුගේ අගමෙහෙසිය වු සෙංඛණ්ඩා නම් දේවිය නමින් මේ නගරය ඉඳිවු බවත්,මෙහි තිබූ සෙංකඩගල නම් රක්ත වර්ණ පාෂාණයක් මුල්කොටගෙන මේ නම ඇතිවු බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ.ගම්පොල රාජධානියේ පාලකයා වු තෙවන වික්‍රමබාහු රජසමයේ (ක්‍රි.ව 1357-1374) දළඳා මැඳුර සහා ලෝකේෂ්වර නාථ දෙවියන් සඳහා වු නාථ දේවාලය මෙහි ඉඳි විය.අස්ගිරිතල්පතෙහි සඳහන් අයුරු අස්ගිරි විහාරය ආරම්භ වුයේද මෙකලය. වර්තමානයේ මේවා මහනුවර පැරණිතම ගොඩනැගිළි .ගම්පොල රජ පවුලෙන් පැවත ආ සේනා සම්මත වික්‍රමබාහු (ක්‍රි.ව 1469-1511)රජු විසින් සෙංකඩගල පුරය ලෙස නම් කරන ලදි.ඔහු මහනුවර රාජධානියේ නිර්මාතෘවරයා ලෙස සැලකේ. බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව තැම්පත්කර චෛත්‍යක්, දෙමහල් පොහොය ගෙයක් ,සංඝාවාසයන් 86 ක් කරවා හා ධාතු කරඬු සහ පිළිම වහන්සේලා පූජා කරමින් පොතපත පලකරමින් විශාල මෙහෙයක් කර ඇත. සීතාවක පළමු රාජසිංහ රජු ,ජයවීර(ක්‍රි.ව 1511-1552),කරල්ලියද්ද බණ්ඩාර(ක්‍රි.ව1552-1582)පළමු විමලධර්මසූරිය(ක්‍රි.ව 1590-1604)සිංහලයේ අවසන් රජු ශ්‍රි වික්‍රම රාජසිංහ (ක්‍රි.ව 1798-1815)දක්වා රජවරු 10 දෙනෙකු මහනුවර රාජධානිය කරගෙන ඇත. සතුරු උවදුරු හැරුනුවිට අන් සෑම අවස්ථාවකදීම දළඳා වහන්සේ වැඩසිටියේ රජ මාළිගාව ආසන්නයේය.දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂාකර ගැනිම රජුගේ වගකීම වූ අතර එහි භාරකරු රටේ පාලකයා බව‍ට පිළිගැනීමක් පැවතුනි. දෙවන විමලධර්මසූරිය රජු තුන් මහල් ප්‍රාසාදයක් කරවු අතර මඟුල් මඞුව හා පත්තිරිප්පුව දේවේන්ද්‍ර,මූලාචාරියා නැමැත්තන් ඉඳිකර ඇත.


දියවඩන නිළමේ තනතුර

දියවඩන නිලමේ

පුරාණයේ රජවරු විසින් මෙම තනතුර පත්කළ අතර බ්‍රිතාන්‍ය සමයේ වැඩවසම් රාජකාරි ක්‍රමය අවසන් කර ඡන්දයකින් තෝරාගනි.වර්ථමානයේ 1931 කේ 19 වන ආඥා පනත යටතේ දියවඩන නිළමේවරයා පත් කරයි .දියවඩන නිළමේ තනතුර සඳහා මූලාශ්‍ර ලැබෙනුයේ මහනුවර යුගයේ සිටය.දළඳා වහන්සේ ්බන්ධයෙන් දාඨාවංශයේ සඳහන් වන පරිදි ප්‍රථම නිළය වශයෙන් "ධාතූරක්ඛකාධිකාරි"තනතුර දක්නට ලැබේ. සීතාවක දෙල්ගමුව රජමහා විහා‍රයේ දාතූන් වැඩසිටි සමයේ හිරිපිටිවේ දිවනිලමේ නමින් තනතුරක් සඳහන් වේ.කෝට්ටේ යුගයේ මෙම තනතුරු නාමය වෙනුවට "දිවන රාළ" ,"දියවඩන රාළ" වශයෙන් හැඳින්විය.දිවනිළමේ ,දියනිළමේ යනුද දියවඩන නිළමේ යන්නට බොහෝ තැන්වල ඇත.මහනුවර මහා වාසල සම්බන්ධව දියවඩන නිළමේ තනතුරු තුනක් විය. රජුගේ රාජකීය උල්පැන්ගේ ස්නානාදි කටයුතු භාරව හා රජතුමා ආහාර ලන්නා අවස්ථාවේදි රන් කොතලයෙන් ජලය වැඩිම භාරව සිටි දියවඩන නිළමේ ,බිසෝවරැන්ගේ හා කුමාරයන්ගේ පල්ලේවාහල ස්නානාගාරය භාරව සිටි දියවඩන නිළමේ,රජු දළඳා මාළිගයට පැමිණි විට අතපැන් වැඩීමටත් ,මුළුතැන් බුද්ධ පූජාව‍ට පැන් පයිංඩ කිරිමට හා නානුමුර මංගල්‍යයට නානු පයිංඩ කිරිමටත් වශයෙනි. දළඳා මාළිගයේ ගිහි භාරකාරයා හා රන් කරඬුවල ප්‍රථම මහ රන් කරඬුවේ රන් යතුර භාරකාරවරයා දියවඩන නිළමේය.මුල් අවධියේ රජතුමා වුවත් 1853 න් පසු ගිහි භාරකාරයා වන්නේ දියවඩන නිළමේතුමාය.දියවඩන නිළමේතුමාගේ නිළ කාලය වසර 10 ක් යන අතර එතක් පටන් මේ දක්වා දියවඩන නිළමේවරු 19 දෙනෙක් පත්විය.


දියවඩන නිලමේ.jpg
දියවඩන නිළමේවරු වර්ෂය
කපුවත්තේ අධිකාරම් නිළමේතුමා 1814-1824
දෙහිගම ලොකු බණ්ඩාර නිළමේතුමා 1825-1827
කුඩා මොල්ලිගොඩ නිළමේතුමා 1827-1828
කුඩා දෙහිගම නිළමේතුමා 1828-1835
මුල්ලේගම අධිකාරම් නිළමේතුමා 1835-1842
දුල්ලැව අධිකාරම් නිළමේතුමා 1842-1848
.ලොකු බණ්ඩාර දෙහිගම නිළමේතුමා 1848-1862
.කුඩා බණ්ඩා දුන්විල නිළමේතුමා 1862-1882
කුඩා මුදියන්සේ ගිරාගම නිළමේතුමා 1882-1897
සෙනවිරත්න රත්වත්තේ නිළමේතුමා 1897-1901
කුඩා බණ්ඩාර නුගවෙල නිළමේතුමා 1901-1916
පුංචි බණ්ඩා නුගවෙල නිළමේතුමා 1916-1937
ටිකිරි බණ්ඩා රත්වත්තේ නිළමේතුමා 1937-1947
කුඩා බණ්ඩා නුගවෙල නිළමේතුමා 1947-1961
හැරිස් ලෙව්කේ රත්වත්තේ නිළමේතුමා 1961-1964
හීන්බණ්ඩා උඩුරාවන නිළමේතුමා 1964-1974
ආචාර්ය නිශ්ශංක පරාක්‍රම විජයරත්න නිළමේතුමා 1975-1985
නෙරංජන් ප්‍රියදර්ශන දුල්ලැව නිළමේතුමා 1985-2005
ප්‍රදීප් නිලංග දෑල නිළමේතුමා 2005 සිට